නිපොන් ආයතනය අගමැතිගේ පැසසුමට

දක්ෂතා පූර්ණ දූ දරුවන් රටට දායක විය හැකි ගුණගරුක පුරවැසියන් ලෙස ගොඩනැගීමට ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය ලබාදෙන දායකත්වය රජය අගය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
ඇය මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිප්පොන් කේන්ද්‍රයේ 40 වැනි සංවත්සරය හා සමගාමීව පැවති උත්සවයක් අමතමින්.

ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය ආරම්භ කර වසර 40ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද විශේෂ සැමරුම් උත්සවය සහ එම මධ්‍යස්ථානයේ මහලේකම්, ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාමාධිපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, පූජ්‍ය මීගහතැන්නේ චන්දසිරි නාහිමියන්ගේ 75 වැනි ජන්ම දින සැමරුමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහභාගී වුණා.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර පාලමක් ලෙස ක්‍රියා කරමින් මෙරට දූ දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා ලංකා නිප්පෝන් අධ්‍යාපන හා සංස්කෘතික කේන්ද්‍රය 1986 වසරේ සිට කරන මෙහෙවර ඇගයීම මෙම උත්සවයේ ප්‍රධාන අරමුණයි.

Share