78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය පෙබරවාරි 04 වනදා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා.
78 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුවේදී පැවැත්වුනා.
78 වන ජාතික නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්හි ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳව පොලීසියෙන් නිවේදනයක් නිකුත්කර තිබෙනවා
ඒ අනුව එම උත්සවයට සමගාමීව පැවැත්වෙන පූර්ව පෙරහුරු වැඩසටහන් අද සිට පෙබරවාරි 2වනදා දක්වා පැවැත්වීමට නියමිතයි
පෙරහුරු දින හා නිදහස් දින උත්සවය සැලකිල්ලට ගෙන කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම, විකල්ප මාර්ග භාවිතා කිරීම වෙනුවෙන් මෙම විශේෂ රථවාහන සැළැස්ම ක්‍රියාත්මක කෙරෙන බවයි පොලිසිය නිකුත් කල නිවේදනයේ සදහන් වන්නේ.
ඒ අනුව පෙරහුරු පුහුණුවීමේ කටයුතු අද, හෙට සහ පෙබරවාරි 2 යන දිනවල උදෑසන 7.45 සිට දහවල් 1.30 දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ
එමෙන්ම පූර්ණ පෙරහුරුව පැවැත්වෙන පෙබරවාරි 01 වනදා පෙ.ව. 5 සිට දහවල් 1.30 දක්වා සහ පෙබරවාරි 4වනදා පෙ.ව. 5 සිට නිදහස් දින උත්සවය අවසන් වනතුරු අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි එම නිවේදනයේ සදහන් වන්නේ
පෙරහුරු පුහුණුවීම් පැවැත්වෙන දිනයන්හි ,නිදහස් මාවත නිදහස් වටරවුමෙන් නිදහස් චතුරශ්‍රය දෙසට ඇතුළුවීම, ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම් ආයතනය දෙසට ඇතුළු වීම, බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවතට ඇතුළු වීම, බෞද්ධාලෝක මාවත, ආර්.එෆ්.පී. හන්දියෙන් මේට්ලන්ඩ් පෙදෙසට ඇතුළු වීම, විජේරාම මාවත, විද්‍යා මාවත, හන්දියෙන් විද්‍යා මාවතට ඇතුළු වීම, මේට්ලන්ඩ් ක්‍රසන්ට් ආර්.ජී. සේනානායක මාවත හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුළු වීම, නිදහස් වටරවුමෙන් මේට්ලන්ඩ් ක්‍රසන්ට් දෙසට ඇතුළු වීම, හෝර්ටන් පෙදෙස මේට්ලන්ඩ් ක්‍රසන්ට් හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුළු වීම යනාදී වශයෙන් රථ වාහන ගමනාගමන කටයුතු සීමා කෙරෙනවා
එසේම විශේෂ රථවාහන සැලැස්මට අනුව පෙබරවාරි මස 4 වනදා නිදහස් දින උත්සව අවස්ථාවේ පෙ.ව 03.00 සිට ජාතික නිදහස් සැමරුම් උත්සවය අවසන් වන තෙක් හෝර්ටන් වටරවුමෙන් ආනන්ද කුමාරස්වාමි මාවතට ඇතුළු වීම, පුස්තකාල හන්දියෙන් ආනන්ද කුමාරස්වාමි මාවත හෝර්ටන් වටරවුම දෙසට ඇතුළු වීම, ධර්මපාල මාවතෙන් එෆ්.ආර්. සේනානායක මාවතට ඇතුළුවීම, කන්නංගර මාවතෙන් එෆ්.ආර්. සේනානායක මාවතට ඇතුළුවීම, නිදහස් මාවත නිදහස් වටරවුමෙන් නිදහස් චතුරශ්‍රය දෙසට ඇතුළුවීම, ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම් ආයතනය දෙසට ඇතුළුවීම, බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවතට ඇතුළු වීම, බෞද්ධාලෝක මාවත, ආර්.එෆ්.පී. හන්දියෙන් මේට්ලන්ඩ් පෙදෙසට ඇතුළු වීම, විජේරාම මාවත, විද්‍යා මාවත හන්දියෙන් විද්‍යා මාවතට ඇතුළුවීම, මේට්ලන්ඩ් ක්‍රසන්ට් ආර්. ජී. සේනානායක මාවත හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුළු වීම, නිදහස් වටරවුමෙන් මේට්ලන්ඩ් ක්‍රසන්ට දෙසට ඇතුළු වීම, හොර්ටන් පෙදෙස මේට්ලන්ඩ් ක්‍රසන්ට් හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුළු වීම ආදී වශයෙන් රථ වාහන ගමනා ගමනය සීමා කෙරෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ.





