මෙරට තුළ නිදහස් ආර පැරෂුට් පැනීම වික්‍රමාන්විත සංචාරක අංගයක් ලෙස සංවර්ධනය කිරීමේ ශක්‍යතාව පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා
ශ්‍රී ලංකාව තුළ නව සංචාරක ආකර්ෂණයක් ලෙස මෙය දියුණු කිරීමේ ඇති අවස්ථා සහ මෙරට සංචාරක ක්ෂේත්රයට ඉන් ලැබිය හැකි දායකත්වය පිළිබඳවත්
ඊට අදාළ නියාමනයන්, ආරක්ෂක ක්‍රියාමාර්ග, මෙහෙයුම් ක්‍රියාවලිය සහ අනෙකුත් කරුණු සමීපව පරීක්ෂා කරන ලෙසත් ආරක්ෂක ලේකම්වරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.





