නැමීබියාව පරාජය කර ලකුණු 93ක විශිෂ්ඨ ජයක් ඉන්දියාවට

T20 ලෝක කුසලාන තරගාවලියේ දී නැමීබියාව පරාජය කර ලකුණු 93ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සම සත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ විකාශන අයිතිය හිමිව ඇත්තේ ටී.වී සුප්‍රීම් වෙතයි.

දිල්ලියේ අරුන් ජෙට්ලි ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් නැමීබියාව පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.
තරගයට වේගවත් ආරම්භයක් ලබා ගන්නට ඉන්දීය පිතිකරුවන් සමත් වුණා.
7 වැනි පන්දුවාරයේ දී මුලු ලකුණු 100 සම්පූර්ණ වන විට දැවී ගොස් තිබුණේ එක් කඩුල්ලක් පමණයි.
ඉෂාන් කිෂාන් පව්සු 24 ක දී ලකුණු 61ක් රැස් කළා.
පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 4කට ලකුණු 190ක් ලබා සිටි ඉන්දීය ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 19ක් තුළ බිඳ හෙලන්නට නැමීබියා පන්දු යවන්නන් සමත් වුණා.
ඉන් කඩුලු 4ක් බිඳ වැටුණේ ලකුණු 4ක් තුළයි.
පන්දුයැවීමේදී ගෙරාර්ඩ් ඉරැස්මස් කඩුළු 4ක් දවා ගත්තා.
ලකුණු 210ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නැමීබීය කණ්ඩායම පවර් ප්ලේ අවස්ථාවේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 57ක් රැස්කරගනිමින් තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වුනා.
ඉන් අනතුරුව ඉන්දීය දඟ පන්දුයවන්නන් හමුවේ අසරන වූ නැමීබියා කණ්ඩායමේ මැදපෙල ලකුණු 27ක් තුල කඩුළු 5ක් දැවී ගියා.
ඒ අනුව පන්දුවාර 18යි පන්දු 2ක් අවසානයේ සියළු දෙනා දැවී ඔවුන්ට රැස්කර ගත හැකිවූයේ ලකුණු 116ක් පමණයි.
පන්දු යැවීමේදී වරුණ් චක්‍රවර්ථී කඩුළු 3ක් බිද දැමුවා.

Share