ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පැවැත්වූ හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික උපද්‍රව අවස්ථාවන්හිදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා වූ පුහුණු අභ්‍යාස මාලාවක්, පසුගිය දා සාර්ථකව අවසන් කෙරුණා
ශ්‍රි ලංකා නාවික නෞකා කාවන්තිස්ස, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රය, ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රය සහ කොළඹ වරාය පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් මෙම අභ්‍යාස මාලාව ක්‍රියාත්මක කෙරුණු අතර රසායනික අනතුරු හඳුනා ගැනීම, විෂ රසායනික ද්‍රව්‍ය කළමනාකරණය, අනතුර වලට ගොදුරු වූ පුද්ගලයන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් දැනුවත් කෙරුණු බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කළේ.





