නාය යෑමේ අවදානම තවදුරටත්

මේ අතර මහනුවර, කුරුණෑගල, කෑගල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පනවා තිබූ තෙවන අදියරේ නායයාමේ අවදානම් නිවේදන අද පස්වරු 7.30 දක්වා දීර්ඝ කළ බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එමෙන්ම බදුල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පනවා තිබූ දෙවන අදියරේ නායයාමේ අනතුරු ඇඟවීම්ද අද පස්වරු 7.30 දක්වා දීර්ඝ කර ඇති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Share