පවතින ඊසාන දිග මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීම් රතු නිවේදන තවදුරටත් දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, උඩුදුම්බර, දොළුව, මිණිපේ, මැදදුම්බර, දෙල්තොට, ගඟ ඉහළ කෝරළය, පාතදුම්බර, පන්විල, සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදාළ රතු නිවේදන බලාත්මකයි.





