ජාතික ගොඩනැගිලි පර්‍යේශන සංවිධානය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ පසුගිය දින කිහිපයේ සිදු වූ මධ්‍ය සහ මහා පරිමාණ නායයාම් 1241ක් හඳුනාගෙන ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආපදා කල් තියා හඳුනා ගැනීම සඳහා පුත්තලමේ ස්ථාපිත කර ඇති ඩොප්ලර් රේඩාර් පද්ධතිය 2027වන විට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවයි.





