නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් නව ව්‍යාපෘතියක්

කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ජල ගැලිම්වලට ලක්වන ප්‍රදේශ ජල ගැලීම්වලින් ආරක්ෂා කිරිම සදහා, සිවු අවුරුදු විශේෂ ව්‍යාපෘතියක්, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරිමේ සංස්ථාව මගින් ආරම්භ කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සහ මහජනතාව දැනුවත් කිරීම සදහා සංවිධානය කරන ලද විශේෂ සාකච්ජාවක් ඊයේ පැවැත්වුණේ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්.

Share