නසීම් ෂාට දැවැන්ත දඩයක්

පකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂාට එරට ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම දඩය පනවා තිබෙනවා.
ඔහු විසින් පන්ජාබ් මහ ඇමතිනී මරියම් නවාස් විවේචනය කරමින් x සටහනක් තැබීම හේතුවෙන් ෂා ට පනවා ඇති දඩය පාකිස්තාන රුපියල් මිලියන 20ක්.
පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට සහභාගී වූ මරියම් නවාස් ගේ ඡායාරූපයක් සමග ඇයට රැජිනකට සේ සලකන්නේ ඇයිදැයි ෂාගේ x ගිණුමේ සටහන් කර තිබුණා.
ක්ෂණිකව එය ඉවත් කර තිබූ අතර පසු සටහනක දැක්වුණේ තමන් එවැනි සටහනක් පළ නොකළ බවත්, තම සමාජ මාධ්‍ය ගිණුම කිසියම් අයෙකු විසින් හැක් කර ඇති බවයි.
එය නිදහසට කාරණවක් ලෙස පිළිනොගත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නසීම් ෂාට මෙම දැවැන්ත දඩය පනවා ඇති අතර ඔහුගේ සමාජ මාධ්‍ය උපදේශකවරයාට ද ක්‍රිකට් හා සම්බන්ධ කටයුතුවලට මැදිහත්වීම තහනම් කර තිබෙනවා.
වාර්තා වන අන්දමට නසීම් ෂා ගේ දඩය ඔහුගේ කොන්ත්‍රාත්තුවේ මාස 8ක වැටුපට සමානයි.

Share