විගණකාධිපති දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ලෙස කටයුතු කළ එල්.එස්.පී. ජයරත්න මහත්මිය අද පෙරවරුවේ විගණකාධිපති ධුරයේ වැඩ භාරගනු ලැබුවා.
ඇය ශ්‍රි ලංකා රජයේ විගණාකාධිපති ධුරයට පත් 42 වැන්නා වන අතර, එම ධුරයට පත් පළමු කාන්තාවයි.
මාස 10කට ආසන්න කාලයක් මෙරට විගණාධිපති ධුරය පුරප්පාඩුව පැවති අතර, පසුගිය දෙවැනි දා රැස්වූ ව්‍යවස්ථාදායක සභාව විගණකාධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර එවා තිබූ එල්.එස්.පී. ජයරත්න මහත්මියගේ නම ඒ්කමතිකව අනුමත කර තිබුණා.
නව විගණාධිපති එල්.එස්.පී. ජයරත්න මහත්මිය, විගණකාධිපති දෙපාර්තමේන්තුවේදී අද පෙරවරුවේ පැවති චාම් උත්සවයකදී නව ධුරයේ වැඩ භාර ගනු ලැබුවා.
ඇය නව ධුරයට පත්වෙන්නේ විගණන සේවා සංගමය ඇතුළු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති විසින් විගණකාධිපති ධුරය සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන ජ්‍යෙෂ්ඨතම සහ පරිණතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල මහතා පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීම් ගණනාවක් මගහරිමින්.
එසේම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල මහතා නව විගණකාධිපතිවරයා ලෙස පත්කරන ලෙස, මහනායක හිමිවරුන් මෙන්ම මෙරට සිවිල් සමාජ විසින් ද අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කර තිබුණා.
රටේ මූල්‍ය නියාමනයේ ස්වාධිනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික මනාපය ඉක්මවා ගිය පරිණත බවත් අවශය බවත්, දෙපාර්තමේන්තුවේ වඩාත් අත්දැකීම් සහිත නිලධාරියා ඒ් වෙන්වෙන් පත්කිරීම, එම ධුරයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමක් බවත් ඔවුන් පෙන්වාෙ දී තිබුණා
41 වැනි විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා පසුගිය වසරේ අප්‍රේල් මස 06 වැනි දින විශ්‍රාම ගැනීමෙන් පසු, ජනාධිපතිවරයා විසින් ධර්මපාල ගම්මන්පිල මහතා වැඩබලන විගණකාධිපතිවරයා ලෙස පත්කරනු ලැබුව ද ඔහු විගණකාධිපති ධුරයට පත් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා කිසි විටකත් නිර්දේශ කරනු ලැබුවේ නැහැ.
මාස 10කට ආසන්න කාලයක් විගණකාධිපති ධුරය පුරප්පාඩු වී පවතිද්දී, ජනාධීපතිවරයා අවස්ථා 04කදී ඒ් වෙනුවෙන් නම් නිර්දේශ කරමින්, එම නිර්දේශ ව්‍යවස්ථාදායක සභාවට යොමු කළ ද එම අවස්ථා හතරේදීම අදාළ නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා.
එසේ මීට පෙර ව්‍යවස්ථාදායක සභාවෙන් ප්‍රතික්ෂේප වූ නාම යෝජනා අතර, අද විගණකාධිපති ධුරයේ කටයුතු ආරම්භ කළ එල්.එස්.පී. ජයරත්න මහත්මියගේ නාම යෝජනාව ද තිබීම විශේෂත්වයක්.
එහිදී ජයරත්න මහත්මියගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට පැවති ව්‍යවස්ථාදායක සභා ව්‍යුහය පියවර ගෙන තිබුණේ, අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් පවත්වාගෙන යන පරීක්ෂණයකට අදාළව ජයරත්න මහත්මිය ද කැඳවා තිබීම හේතුවෙන්
කෙසේ නමුත් ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයින්ගේ ධුර කාලය මේ ජනවාරි මාසයේදී අවසන් වීමෙන් පසු ඒ් සඳහා නව නියෝජිතයින් පත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා යළිත් එල්.එස්.පී. ජයරත්න මහත්මියගේ නම විගණකාධිපති ධුරයට නිර්දේශ කර තිබුණා.
එල්.එස්.පී. ජයරත්න මහත්මිය විගණකාධිපති ධුරයට පත්කිරීම අනුමත කර තිබුණේ එම නව ව්‍යවස්ථාදායක සභාවයි.





