දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හමුවේ ජනතාවගේ ආදායම් මට්ටම කඩා වැටී ඇති හෙයින් මේ වන විට නව වාහන ඇණවුම් කළ ජනතාවට එම වාහන මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව සිලෝන් මෝටර් වාහන ගෙන්වන්නන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසනවා.
ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ මේ නිසා වාහන ආනයනය කර මාස 3ක් ගත වීමෙන් පසු මාසිකව ගෙවීමට ඇති සියයට 3%ක බද්ද හැකි නම් ඉවත් කර දෙන ලෙසයි.





