T20 ලෝක කුසලාන තරගාවලියේ ඩී කාණ්ඩයේ තරගයක දී කැනඩාව පරාජය කළ නවසීලන්තය සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා.
ඒ අනුව ඉන්දියාව, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය මේ වන විට සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටිනවා. A කාණ්ඩයෙන් පාකිස්තානය හෝ ඇමෙරිකා එක්සත් ජනපදය ඊට සුදුසුකම් ලබා ගනු ඇති.
ඒ අනුව පාකිස්තානයට තීරණාත්මක නැමීබියාව සමග තරගය හෙට කොළඹ සිංහල සමාජ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
මේ අතර සුපිරි අට දෙනාගේ වටයේ තරග සදහා සහභාගීවන එංගලන්ත කණ්ඩායම අද පස්වරුවේ මෙරටට පැමිණියා. එංගලන්ත කණ්ඩායම සහභාගීවන පළමු තරගය සම සත්කාරක ශ්‍රී ලංකාව සමඟ ලබන 22 වැනිදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.





