නවසීලන්තය සහ පාකිස්තානය අතර
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමෙන් පසු කණ්ඩායම් දෙක ප්‍රසාද ලකුණු එක බැගින් බෙදා ගනිමින් අතහැර දැමීමට සිදු වුණා.
කාලගුණික තත්ත්වයන් යහපත් වන තෙක් පැය දෙකකට වැඩි කාලයක් තරග තීරක සහ විනිසුරුවරුන් බලා සිටියද, කාසියේ වාසිය විමසන අවස්ථාවේදී ආරම්භ වූ වර්ෂාව යළි අඩු වූයේ නැහැ.
මේ අතර සුපිරි අට වටයේ දෙවැනි තරගය ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද මහනුවර පල්ලෙකැලේ කුීඩාංගනයේදී පස්වරු තුනට ආරම්භ වීමට නියමිතයි.
නමුත් අද උදෑසන කාලයේදීත් / මේ වන විටත් ක්‍රීඩාංගනය හා අවට ප්‍රදේශයට වැසි ඇද හැලෙන බව / ඇද හැලුණු බව අප වාර්තාකරු පැවසුවා.
කාලගුණ අනාවැකියට අනුව තරගය ආරම්භ කිරීමට නියමිත පස්වරු තුනේ පමණ සිට මහනුවරට තද වැසි ඇති විය හැකියි.
පසුගිය දින කිහිපය පුරාම පල්ලෙකැලේට විටින් විට තද වැසි ඇදහැලුණා.
ශ්‍රී ලකාව ද ඇතුළත් සුපිරි අට වටයේ දෙවැනි කාණ්ඩයේ සියලු තරග පැවැත්වෙන්නේ කොළඹ සහ මහනුවර දී





