නවදිල්ලියේ උග්‍ර වායු දුෂණය හේතුවෙන් ගුවන් ගමන් 68ක් අවලංගු කිරීමට සිදුව තිබෙනවා.
දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් නගරය පුරා දුම්රිය ඇතුළු ගමනාගමනය ද අඩාල කර ඇති අතර, ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන නිවාසවලින් බැහැරවීම සීමා කරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.





