බටහිර සහ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව ඒකාබද්ධ කිරීම සඳහා මෙරට ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙවැනි ගෝලීය සමුලුව අමතමින් පැවසුවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය, ඉන්දීය රජයේ ආයුෂ් අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඉන්දියාවේ නවදිල්ලියේ භාරත් මණ්ඩප් හිදී පැවැත් වූ මෙම සමුළුවට රටවල් 100 කට වැඩි ගණනක නියෝජිතයන් එක්ව සිටියා.
සමුලුවට සමගාමීව, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සහ හොඳම භාවිතයන් ගවේෂණය කිරීමට අමාත්‍යවරයා ඇපලෝ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුණා.





