නරේන්ද්‍ර මෝදිගේ පෞද්ගලික පණිවිඩයක් රැගෙන ඉන්දියා විදේශ කටයුතු ඇමැති හෙට දිවයිනට.

ඉන්දියා විදේශ කටයුතු ඇමැති එස්. ජයශංකර් හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති ෂාඕ ලෙජි අනිද්දා මෙරටට පැමිණෙනු ඇතැයි වාර්තා වනවා.

දිට්වා සුළිකුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට යථාතත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලියට තවදුරටත් සහාය දැක්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවලදී ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ අවධානය යොමු වන ඇතැයි සංචාරය සම්බන්ධයෙන් සමීප මුලාශ්‍ර ටීවී සුප්‍රීම් නිවුස් වෙත සඳහන් කළා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් ඉහළ පෙළේ දූත පිරිසක් සමඟ හෙට මෙරටට පැමිණෙනවා.

ඔහු පසුදා අනුර දිසානායක ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි.

එහිදී ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පෞද්ගලික පණිවිඩයක් ජනාධිපතිවරයා වෙත ලබාදෙනු ඇතැයිද වාර්තා වනවා.

මෙම සාකච්ඡාවේදී ආර්ථික සබඳතා වැඩි දියුණු කිරීම ඇතුළු සහයෝගීතාවයේ බොහෝ ක්ෂේත්‍ර ආවරණය කෙරෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මූලාශ්‍රයක් ටීවී සුප්‍රීම් නිවුස් සමග පැවසුවා.

මේ අතර, ජ්‍යෙෂ්ඨ චීන නියෝජිත ෂාඕ ලෙජි සහ ඔහුගේ දූත පිරිස අඟහරුවාදා දිවයිනට පැමිණෙන අතර එදිනම ජනාධිපති දිසානායක හමුවීමට නියමිතයි.

ජනාධිපති ෂී ජින් පිං සහ අගමැති ලී කියැංට පසුව චීන රජයේ තුන්වැනි ඉහළම නායකයා වන ලෙජි දින දෙකක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති.

සාකච්ඡා මෑත කාලීන ස්වාභාවික ව්‍යසනය සම්බන්ධයෙන් කේන්ද්‍ර වුවද, ආර්ථිකය, ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය ගැටළු පිළිබඳවද පුළුල් සාකච්ඡා පැවැත්වෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

Share