රු. 70 දක්වා ඉහළ යන බිත්තර මිල

සත්ව ගොවිපොළවලට සිදුව ඇති හානිය සමඟ නත්තල් සමයේ බිත්තරයක මිල රු.70ක් දක්වා ඉහළ යාම වැළැක්විය නොහැකි වනු ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි පැවසුවේ ගංවතුරට හසු වීමෙන් බිත්තර නිෂ්පාදනය කරන සත්තු ලක්ෂ 28කට වඩා විනාශ වූ බවයි. දිට්වා සුලි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් මෙරට සත්ත්ව ගොවිපොළ රැසකට දැඩි හානි සිදුවුණා.
වැඩිම බලපෑමක් එල්ල වුණේ දැදුරු ඔය සහ මහවැලි ගඟ පිටාර ගැලීමෙන්. කෙසේ වෙතත් කිකිළියන් ලක්ෂ 28කට වැඩි ප්‍රමාණයක් ගංවතුරට හසුව මියගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි පවසනවා.
වෙළෙඳපොළේ බිත්තරයක මිල මේ වනවිටත් රුපියල් 40 ඉක්මවා තිබෙනවා. ඉදිරියේ දී බිත්තර මිල තවත් වැඩිවනු ඇති බව බිත්තර වෙළෙඳ සංගමයේ අදහසයි.
මේ අතර කුකුළු මස් කිලෝ ග්‍රෑමයක මිල ද රුපියල් 1300කින් පමණ ඉහළ යනු ඇතැයි සංගමය පවසනවා.

Share