ධීවර ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට කිසිවිටෙකත්
ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.
මන්නාරම දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා, ආපදා තත්ත්වය හේතුවෙන් ධීවර කටයුතුවල නිරත වීමට නොහැකි වූ ධීවර පවුල් වෙත සතියක කාලයක් සඳහා වියළි ආහාර සලාකයක් ලබා දෙන බවද සඳහන් කළා.
මන්නාරම දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පැවැත්වුණා.
ආපදා තත්ත්වය හේතුවෙන් මන්නාරම ධීවර ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර මේ වන විට ධීවරයන් 12,000ක් පමණ ධීවර කටයුතුවල නිරත විය නොහැකිව පීඩාවට පත්ව සිටින බව අනාවරණ වුණා





