ධම්මිකට ඇප – අර්ජුනටත් චෝදනා

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන‌ කොමිසම විසින් අත්අඩංගුවට ගත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදාහරිනු ලැබුවා.
2017 – 2018 වර්ෂ සඳහා ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව වෙත ඉන්ධන මිලදී ගැනීමට නියමිතව තිබූ දිගුකාලීන ටෙන්ඩර් 03ක් අවලංගු කර, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් ක්‍රියාත්මක කිරීමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදු කිරීමේ චෝදනාව මත ධම්මික රණතුංග මහතා අත්ඩංගුවට ගනු ලැබුවා.
අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කර ඇති එවකට ඛනිජ තෙල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අර්ජුන රණතුංග මහතා ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

Share