දෙහිවල, මුහුදු මාවත ප්රදේශයේ පිහිටි සංචාරක හෝටලයක හිමිකරු ඉලක්ක කර ඊයේ රාත්රියේ සිදු වූ වෙඩි තැබීමකින් එම හෝටලයේ හිමිකරු ජීවිතක්ෂයට පත්වුනා
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 55 හැවිරිදි දෙහිවල ප්රදේශයේම පදිංචි පුද්ගලයෙක්
දෙහිවල, මුහුදු මාවත ප්රදේශයේ පිහිටි සංචාරක හෝටලයේ හිමිකරු ඉලක්ක කර ගනිමින් ඊයේ රාත්රී 7.45 පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුනා
යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණය නොකළ පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති බවයි දෙහිවල පොලිසියේ උසස් නිලධාරියෙක් ටී.වී සුප්රීම් නිවුස් වෙත පැවසුවේ
එමෙන්ම වෙඩි තැබීම සඳහා භාවිත කර ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනි අවියක්
වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ හෝටලයේ හිමිකරු වහාම කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ රාත්රියේම ජීවිතක්ෂයට පත්වුනා
මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි බාලසූරිය ආරච්චිගේ සනත් නැමැති පුද්ගලයෙක්
මෙම වෙඩි ප්රහාරය ද පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්රතිඵලයක් බවටයි පොලිසිය දැනට සැක පළ කරන්නේ
මියගිය පුද්ගලයාගේ දේහය මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා
වෙඩික්කරුවන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ දෙහිවල පොලිසිය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්රියාත්මක කර තිබෙනවා.
මෙය මෙම වසරේ සිදු කරන ලද දෙවන වෙඩි තැබීම වන අතර, එම වෙඩි තැබීම්වලින් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා





