දුම්රිය සේවයට කාන්තාවන්

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ඇති සියලුම තනතුරු සඳහා කාන්තාවන් ද බදවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ දුම්රිය ස්ථානාධිපති තනතුරු සදහා කාන්තාවන්ට අයදුම් කිරීම අවහිර කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනයක් අභියෝගයට ලක් කරමින් කාන්තාවන් දෙදෙනෙක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මෙම දැනුම් දීම සිදුකළා.

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ඇති සියලුම තනතුරු සඳහා කාන්තාවන් ද බදවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

Share