කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය, කිතුල්උතුව 151 කණුව අසලදී වනඅලියෙකුගේ ගැටී පිළිපැනීමට ලක්ව ඇති අතර වනඅලියා එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
වනජීවි නිලධාරීන් සඳහන් කළේ මෙම වනඅලියා කවුඩුල්ල රක්ෂිතයේ සිට සෝමාවතිය රක්ෂිතයට දුම්රිය මාර්ගය ඔස්සේ මාරුවීමේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.





