හැටන් – බගවන්තලාව ශාන්ත මේරි විද්‍යාලයේ ගොඩනැගිලි 6ක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් විසින් ඊයේ පරික්ෂාවට ලක් කළා.
අදාළ ගිලා බැසීමේ අවධානමක් පවතින බවට විදුහල්පතිවරයා විසින් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම්වරයාට කළ දැනුම් දීමක් මත මෙම පරික්ෂාව සිදු කෙරුණා.
එහිදී ගොඩනැගිලි තුළින් ජලය කාන්දු වන බවට නිරික්ෂණය වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත බාර දීමට නියමිතයි.
මේ අතර මීගහකිවුල – ඉබ්බන් ඇල්ල කන්ද නායයාම හේතුවෙන් මොරහෙල සහ මීගොල්ල ගම්මනවල පවුල් 60ක් පමණ ඉවත් කරනු ලැබුවා.
හක්ගල ජාතික උද්භිද උද්‍යානයේ රථ වාහන නවත්වන ස්ථානය නායයෑමේ අවදානමකට පත්ව තිබෙන බැවින් මේවන විට උද්‍යානය වසා දමා තිබෙනවා.
මේ අතර අදියර තුන යටතේ දිස්ත්‍රික හතරක සඳහා පනවා තිබූ නායයෑමේ රතු නිවේදන තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.





