දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ පවුල් අතරින් සියයට 95කට රුපියල් 25,000 දීමනාව ගෙවා අවසන්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ පවුල් අතරින් සියයට 95කට රුපියල් 25,000 දීමනාව ගෙවා අවසන් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය‌ මේ බව සදහන් කළේ
කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී.
ඉදිරියේදී ඇතිවිය හැකි ආපදා තත්ත්වයකදී මුහුණදිය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

Share