දිවි ගමනට සමුදුන් හෙළයේ මහා ගීත කෝකිලාවිය කලාශුරි ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්ය අනුග්රහය යටතේ හෙට බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
හෙට පෙරවරු 10 සිට පැය හතරක කාලයක් ලතා වල්පොල මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා කොළඹ නිදහස් චතුරස්රයේ තැන්පත් කර තැබීමටත් නියමිතව තිබෙනවා.
මේ අතර, කලාශුරි ලතා වල්පොල මහත්මියට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ මෙන්ම අද දිනයෙත් විශාල පිරිසක් ඒ මහත්මියගේ දේහය තැන්පත් කර ඇති කොළඹ බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවට පැමිණෙමින් සිටිනවා.
පුරා දශක අටකට ආසන්න කාලයක් තමන්ටම ආවේණික සුමදුර වූ කටහඬකින් ගී ගැයූ හෙළයේ මහා ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලත් ලතා වල්පොල මහත්මිය දිවියෙන් සමුගන්නා විට 91 වැනි වියෙහි පසුවුණා.
දිවි සැරිය නිම කළ ලතා වල්පොල මහත්මියගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක මේ වන විට තැන්පත් කර ඇති අතර, ඇයට මහජන ගෞරව දැක්වීම සඳහා අද පෙරවරුවෙත් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.
මේ අතර අභාවප්රාප්ත ලතා වල්පොල මහත්මියගේ දේහය හෙට පෙරවරු 10 සිට පස්වරු දෙක දක්වා මහජන ගෞරවය සඳහා කොළඹ නිදහස් චතුරස්රයේ තැම්පත් කර තැබීමට නියමිතයි.
අනතුරුව හෙට සවස බොරැල්ල සුසාන භූමියට රැගෙන එනු ලබන ලතා වල්පොල මහත්මියගේ දේහය එහිදී මිහිදන් කෙරෙණු ඇති.





