පාසල් මට්ටමින් සිදු කරනු ලබන මත්ද්රව්ය පරීක්ෂා කිරීම් හා සෝදිසි කිරීම් සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සහාය ලබාදීමට පොලීසිය සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කරනවා.
මේ අතර දිවයින පුරා ක්රියාත්මක මත්ද්රව්ය මැඩලීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දී ගත වූ දින 08 තුළ දී සැකරුවන් 9,216 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
මෙම මෙහෙයුම් වල දී අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 259 ක් සහ හෙරොයින් මත්ද්රව්ය කිලෝග්රෑම් 92ක් ආරක්ෂක අංහ භාරයට ගත් බවයි පොලිස් මුලස්ථානය සදහන් කරන්නේ.
ඔක්තෝම්බර් 30 වනදා සිට ආරම්භ කෙරුණු “රටම එකට” ජාතික මෙහෙයුම දිවයින පුරා පැය 24 පුරාම ක්රියාත්මකයි.මෙම මෙහෙයුම්වලදී වැටලිම් 8003ක් සිදුකර ගත වූ දින 08 තුළ දී සැකරුවන් 7899 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කළා
එහි දී පුද්ගලයින් 32571 දෙනෙකු පරීක්ෂාවට ලක්කර විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ තවත් පුද්ගලයින් 23 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 746 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 224 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහණ්
ඊට අමතරව බීමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 52 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මෙහෙයුම් වල දී අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 259 ක් සහ හෙරොයින් මත්ද්රව්ය කිලෝග්රෑම් 92ක් ආරක්ෂක අංහ භාරයට ගත් බව පොලිස් මුලස්ථානය සදහන් කළා
ඊට අමතරව ගංජා කිලෝග්රෑම් 309ක්, කුෂ් කිලෝග්රෑම් 04ක්, සහ හෂිස් කිලෝග්රෑම් 23ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර පාසල් මට්ටමින් සිදු කරනු ලබන මත්ද්රව්ය පරීක්ෂා කිරීම් හා සෝදිසි කිරීම් සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සහාය ලබාදීමට පොලීසිය සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කරනවා.
ඒ, අනුව පාසල් මට්ටමින් ක්රියාත්මක කරනු ලබන මත්ද්රව්ය සෝදිසි මෙහෙයුම් හා පරීක්ෂා කිරීම් සඳහා පොලිස් නිල සුනඛයින්ගේ සහාය අවශ්ය වන්නේ නම් අදාල පාසලේ විදුහල්පති හෝ විදුහල්පතිනිය විසින් ශ්රී ලංකා පොලිසියේ නිල සුනඛ කොට්ඨාසයේ අධ්යක්ෂ සමඟ සම්බන්ධ වී අවශ්ය සහය ලබා ගැනීමට හැකියාව ඇති බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.
එලෙස යම් පාසලක මත්ද්රව්ය සෝදිසි මෙහෙයුම් හා පරීක්ෂා කිරීම් සඳහා පොලිස් නිල සුනඛයින්ගේ සහාය අවශ්ය නම් පොලිස් නිල සුනඛ කොට්ඨාස අධ්යක්ෂවරයාගේ 071-8591816 සහ 081-2233429 යන දුරකථන අංක අමතා එම සහාය ලබාගත හැකි බවද එම නිවේදනයේ සදහන්.
මේ අතර ඩුබායි රාජ්යයේ සැඟවී සිට මෙරට මත්ද්රව්ය ජාවාරමේ නිරත වන සංගීතා නමැති මත්ද්රව්ය ජාවාරම්කාරියගේ ගෝලයෙකු හෙරොයින් සමඟ මීගමුව පොලිස් දූෂණ මර්දන අංශය විසින් මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මීගමුව පොලිස් දූෂණ මර්දන අංශය විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මිලිග්රෑම් 11.51ක් සන්තකයේ තබාගෙන සිටි මුන්නක්කරේ ප්රදේශයේ පදිංචි 22 හැවිරිදි අශිත ස්ටීවන් නමැති තරුණයෙක්
ඔහුගෙන් කළ ප්රශ්න කිරීම්වලදී, දැනට ඩුබායි රාජ්යයේ සැඟවී සිට මත්ද්රව්ය ජාවාරමේ නිරත සංගීතා නමැත්තියගේ ගෝලයෙකු බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සදහන් කරන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද දිනයේදී මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ වැඩ තහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්යාපන අධ්යක්ෂවරයා තීරණය කර තිබෙනවා.
අදාළ විදුහල්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් උතුරු මැද පළාත් අධ්යාපන අධ්යක්ෂවරයා දන්වා ඇත්තේ, අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් ආයතන සංග්රහයේ වගන්ති යටතට ගැනෙන වරදක් සිදුකර ඇති බැවින් වහාම ක්රියාත්මක වන පරිදි වැඩ තහනම් කිරීමට කටයුතු කරන බවයි.





