දිවයිනේ සියලු අධිකරණවල නිතිඥවරුන් හෙට සිය සේවාවලින් බැහැර විමට තීරණ කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසුවේ අකුරේගොඩ දී නීතිඥයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පල කිරීමක් ලෙස මෙම තීරණය ගත් බවයි.
මෙම තීරණය ගනු ලැබුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද කැඳවා තිබූ හදිසි මහ සභා රැස්වීමේ දී.

අකුරේගොඩ දී නීතිඥයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හදිසි මහ සභා රැස්වීමක් අද කැඳවනු ලැබුවා.
එලෙස මහ සභා රැස්වීමක් කැඳවනු ලැබුවේ වසර 14කට පසුව වීම විශේෂත්වයක්.

මහ සභා රැස්වීමෙන් පසුව ශ්‍රී ලංකා නීතිඥ සංගම් මූලස්ථානයේ සිට කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය දක්වා නීතිඥයින් නිහඬ පාගමනක ද නිරත වුණා.

Share