දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව ගෑස් වෙළඳසැල් අසල දිගු පෝලිම්වල

දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව අදත් ගෑස් වෙළඳසැල් අසල දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබුණා.
මෙලෙස පෝලිම් නිර්මාණය වී ඇත්තේ වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් නොමැති බව බවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසූ පසුබිමකයි.

දිවයිනේ ප්‍රදේශ රැසක පසුගිය දින කිහිපයක සිට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් හිඟයක් මතුව ඇතැයි පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් චෝදනා කරනවා.
ඒ අනුව වෙළඳපොලේ පවතින මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ නිවේදනයක්ද නිකුත් කර තිබුනා.
එම නිවේදනයේ සඳහන් වුණේ ප්‍රමාණවත් පරිදි තොග පවතින බැවින් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙසටයි.
එමෙන්ම සැපයුම තවදුරටත් ස්ථාවර කිරීම සඳහා මෙම මාසය අවසන් වීමට පෙර ගෑස් නැව් තුනක් මෙරටට පැමිණීමට නියමිත බවද ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර දේශීය ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය තොග ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් සෘජුවම කොළඹ වරාය හරහා මෙරටට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ද මේ වනවිට සුදානම් කර තිබෙන බව ලාෆ්ස් ගෑස් සමාගමද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
කෙසේ වෙතත් මෙවන් පසුබිමක වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසුවේ වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් නොමැති බව බවයි.

Share