දිවයිනේ ප්‍රදේශ රැසකින් එල් පී ගෑස් හිඟයක් පවතින බවට වාර්තා වනවා.
මේ තත්ත්වය ඇතැම් ජනාකීර්ණ ප්‍රදේශවල වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ගෑස් සමාගම් පවසා සිටියේ දිවයින පුරා ප්‍රමාණවත් පරිදි ගෑස් තොග වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පසුගිය දින කිහිපයක සිට ලිට්‍රෝ ගෑස් හිඟයක් මතුව ඇතැයි පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් චෝදනා කරනවා.
මේ තත්ත්වය රටේ නාගරික ප්‍රදේශවල වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර අප මේ සම්බන්ධයෙන් අප සිදුකළ සොයා බැලීමකදී දැන ගන්නට ලැබුණේ ගෑස් තොග රැගෙන පැමිණෙන නෞකාවක යම්කිසි ප්‍රමාදයක් හේතුවෙන් මෙවැනි තාවකාලිකව ගෑස් සැපයුමේ හිගයක් මතුව ඇති බවයි.
කෙසේ වෙතත් මේ වනවිටත් එම නෞකාව කොළඹට ළඟා වී ඇති බව අප සමඟ අදහස් දැක්වූ ගෑස් සමාගම් උසස් නිලධාරියෙකු සඳහන් කර සිටියා.
ඒ අනුව මේ වනවිට ගෑස් සම්බන්ධයෙන් පවතින තදබදය තවත් දින කිහිපයකින් මගහැරී යනු ඇති බවටත් ඔහු විශ්වාසය පළ කළා. මේ අතර මහනුවර ප්‍රදේශයේද ලිට්‍රෝ ගෑස් හිඟයක් මතුව ඇතැයි පාරිභෝගිකයින් පවසනවා. එමෙන්ම කොළඹ නගරයේ ප්‍රදේශ රැසක ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වර්ග දෙකම නොමැති බවට පාරිභෝගිකයින් මැසිවිලි නඟනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ගෑස් සමාගම් පවසා සිටියේ දිවයින පුරා ප්‍රමාණවත් පරිදි ගෑස් තොග වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි.





