දිල්ලි ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් – ඉන්දියාව පිළිගනී.

පුද්ගලයින් අට දෙනෙකුට මරු කැඳවමින් පසුගිය සඳුදා දිල්ලියේ රතු බලකොටුවේ සිදුවූ මෝටර් රථ පිපිරීම “ත්‍රස්ත සිදුවීමක්” ලෙස සලකන බව ඉන්දීය රජය ඊයේ තහවුරු කළා.
ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ අපරාධකරුවන් හැකි ඉක්මනින් නීතිය හමුවට පමුණුවන බවටයි ඉන්දීය රජය ප්‍රතිඥා දුන්නේ
ඒ් සමගම ඊයේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ කැබිනට් මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාවකින් පැවසුවේ, ජාතික විරෝධී බලවේග විසින් මෝටර් රථ පිපිරීමක් හරහා සිදු කරන ලද දරුණු ත්‍රස්තවාදී සිදුවීමක් රට තුළ සිදුවූ බවයි.
මෙම අපරාධයට එරෙහි විමර්ශනය උපරිම වේගයෙන් හා වෘත්තීයභාවයෙන් යුතුව සිදු කළ යුතු බවටත්, අපරාධකරුවන්, ඔවුන්ගේ සහයෝගිතාකරුවන් සහ ඔවුන්ගේ අනුග්‍රාහකයින් හඳුනාගෙන ප්‍රමාදයකින් තොරව නීතිය හමුවට පමුණුවන ලෙසටත් අදාළ යෝජනාව මගින් ආරක්ෂක ආයතන වෙත නියෝග කර තිබුණා
මේ අතර භූතානයේ දින දෙකක සංචාරයකින් පසු යළි සියරට පැමිණි අගමැති මෝදි , ප්‍රහාරයෙන් විපතට පත් වින්දිතයින් හමුවීමට ලෝක් නායක් රෝහලට පැමිණ තිබුණා

Share