පසුගිය සතියේ දිල්ලියේ සිදු වූ මාරාන්තික මෝටර් රථ පිපිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු තවත් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දියාවේ ත්‍රස්ත මර්දන ඒජන්සිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළා.
එය දශකයකට වැඩි කාලයකට පසු දැඩි ආරක්ෂාවක් සහිත අගනුවර සිදු වූ පළමු ප්‍රහාරයයි.
නොවැම්බර් 10 වන දින ඓතිහාසික රතු බලකොටුව අසළ සිදු වූ මෝටර් රථ බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් 32 දෙනෙකු තුවාල ලැබුවා.
අත්අඩංගුවට ගත් සිව්දෙනා පාකිස්තානය පදනම් කරගත් සටන්කාමී කණ්ඩායම් වන ජයිෂ්-ඊ-මොහොමඩ් සහ අන්සාර් ගස්වාත්-උල්-හින්ද් සමඟ සම්බන්ධ බව කාශ්මීර පොලිසිය පවසා තිබෙනවා.





