දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් අද සිය දිවිමගේ 59 වැනි වසර සම්පූර්ණ කරයි

මෙරට බෞද්ධ ශාසනික උරුමයේ සන්ධිස්ථානයක් වන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපතිව වැඩ වෙසෙන දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් අද සිය දිවිමගේ 59 වැනි වසර සම්පූර්ණ කරනවා .
නාහිමියන්ගේ 59 වැනි ඡන්ම දිනය වෙනුවෙන්, ශතාධික මහා සංඝයා වහන්සේගේ දායකත්වයෙන් ආශිර්වාද බෝධි පූජා පිංකමක් ඇතුළු වැඩසටහන් කිහිපයක් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී සංවිධානය කර තිබුණා.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනය අපගේ බෞද්ධ උරුමයේ සුවිශේෂ ස්ථානයක් දිනා සිටින්නේ යුද ගැටුම් සහ කලකෝලහාල මැදත්, කලාපයේ බෞද්ධ උරුමය සුරක්ෂිතව රැකගනිමින්, ප්‍රදේශයේ බෞද්ධ ජනයාගේ ආගමික මතු නොව, සමාජ ජීවිතය ද පොහොසත් කිරීමට කරන ලද අසහාය කැපකිරීම් හේතුවෙන්.
මාතර කිතලගම සිරි සීලාලංකාර නාහිමිපාණන්ගේ එම මාහැඟි උරුමය ඉදිරි පරපුරට රැගෙන යාමේ භාරදූර කාර්යයට වර්තමානයේ උරදෙන දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් අද සිය දිවියේ 59 වැනි වසර සම්පූර්ණ කරනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළුගස්දමන ග්‍රාමයේ හේරත් බණ්ඩා පියාණන්ට හා බිසෝ මැණිකේ මාතාවන්ට දාව, 1967 පෙබරවාරි මස 28 වැනි දින උපත ලබන පින්වත් කුමරු නම් ලබන්නේ, විජේරත්න බණ්ඩා ලෙසයි.
නව යොවුන් වියේදීම එවක දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ අති පුජ්‍ය කිතලගම සිරි සීලාලංකාර ස්වාමීන් වහන්සේගේ ගුරු ඇසුර විජේරත්න කුමරුවන්ට හිමි වන්නේ කුමරුන්ගේ අනාගතය මෙන්ම, මෙරට බෞද්ධ ශාසනයේ ඉදිරි ගමන වෙත ද ආලෝක දහරක් විහිදුවමින්.
ඒ් ගුරු ඇසුර හේතුවෙන් ජීවන මගේ 15 වැනි වියට පා තබද්දීම කිතලගම සිරි සීලාලංකාර ස්වාමීන් වහන්සේගේ උපාද්‍යායකත්වයෙන් මහණ දිවියට ඇතුළත් වීමට විජේරත්න බණ්ඩා කුමරුවන්ට හැකියාව ලැබෙනවා.
1982 ජනවාරි මස 9 වන දින දිඹුලාගල රාහුලාලංකාර නමින් පැවිදි දිවියට එක්වන එනා හිමියෝ සිය ගුරු හාමුදුරුවන්ගේ සෙවණේ දනම් අධ්‍යාපනය ලැබ, 1987 ජුනි මස 25 වන පොසොන් පොහෝදින මහරගම වපිරඥාණ පිරිවෙන් විද්‍යාතනයේදී උපසම්පදාව ලබනවා
උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය මෙන්ම දිඹුලාගල ආරණ්‍යය සේනාසනයේ බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී ධූරයද හෙබවු උන්වහන්සේ, 2023 සැප්තැම්බර් මස 7 වන දින දිඹුලාගල ආරණ්‍යය සේනාසනාධිපති ධුරයට පත්වෙනවා.
පුරා වසර 44 ක් සම්බුද්ධ ශාසනයටත් සමාජයටත් මහඟු මෙහෙවරක් කළ දිඹුලාගල රාහුලාලංකාර නායක ස්වාමීන් වහන්සේ අද දින සිය පිවන මගේ 59 වන දිවිය සපුරද්දී, සුප්‍රිමි ග්ලෝබල් හෝල්ඩින්ස් ආයතනයේ සභාපතිතුමන් ඇතුළු සමස්ත කාර්යය මණ්ඩලයේ සැවොම එක්ව දිඹුලාගල රාහුලාලංකාර නායක ස්වාමීන් වහන්සේට නිරෝගී සම්පත්තියත් සම්පත්තියත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා.
අප නායක ස්වාමීන් වහන්සේගේ 59 වැනි ඡන්ම දිනය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ ආශිර්වාද බෝධි පූජා පින්කමක් අද පස්වරුවේ අද පස්වරුවේ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍යය සේනාසනයේදී පැවැත්වුණා .

Share