‘දිට්වා ‘ හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643 දක්වා තවදුරටත් ඉහළ

‘දිට්වා ‘ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
තවදුරටත් පුද්ගලයින් 184 දෙනෙකු අතුරුදන්ව සිටින බව ආපදා කළමනාරණ මධ්‍යස්ථානය නිවේදනය කළා.
මේ අතර ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් ආරම්භ කරන ලද Rebuilding Sri Lanka අරමුදලට මේ වන විට රුපියල් මිලියන 3,421ක් ඉක්මවා ගොස් ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසුවා.

Share