මෙරට සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය ඇතුළු නියෝජිත කණ්ඩායම දිට්වා සුලි කුණාටුවෙන් සිදු වූ හානිය පිළිබඳ විමසා බැලීම සඳහා අද ගම්පොල ප්‍රදේශයට පැමිණියා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ඇතුළු නියෝජිත කණ්ඩායම නිල සංචාරයක් අරඹමින් ඊයේ දිවයිනට පැමිණියා.
නියෝජිත පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පිළිගනු ලැබුවේ කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් විසින්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියගේ මෙරට සංචාරයේ ප්‍රධාන අරමුණක් වන්නේ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය සහ එහි බලපෑම සෘජුව නිරීක්ෂණය කිරීමයි.
ඒ අනුව නියෝජිත පිරිස අද පෙරවරුවේ ගම්පොල ප්‍රදේශයෙන් සිය නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළා.
ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.
එහිදී ආපදා තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සහ සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශක්තිමත් අනාගතයක් ගොඩනැඟීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දිය හැකි සහාය පිළිබඳව අවධානය යොමු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.





