දිට්වා හමුවේ විනාශයට පත්වුණු මහා මාර්ග සහ දුම්රිය මාර්ග පද්ධතිය කඩිනමින් යථාවත් කිරීමට පියවර

දිට්වා සුලි කුණාටුව හමුවේ විනාශයට පත්වුණු මහා මාර්ග සහ දුම්රිය මාර්ග පද්ධතිය කඩිනමින් යථාවත් කිරීමට අවශ්‍ය විශේෂඥ සහය ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ලබාදෙන අතර ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේකර මහතා පවසනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මාර්ග පද්ධති ප්‍රතිසංස්කරණ කටයුතු අදාළ ශක්‍යතා අධ්‍යන සහ තත්ත්ව වාර්තා මාර්තු 31 වැනිදා වන විට ලබාදී හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලීන්ට යොමු කිරීමට නියමිත බවයි.

පසුගිය වසරේදී ඇතිවූ දිට්වා ව්‍යසනයෙන් මෙරට මහාමාර්ග හා දුම්රිය මාර්ග පද්ධතියට බරපතළ හානි සිදුවූ අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ස්ථාවර හා ආරක්ෂිතව දියත් කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ශක්‍යතා අධ්‍යන වාර්තා පදනම් කරගැනීමටද නියමිතයි.

මේ පිළිබඳ වූ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන ප්‍රධාන කාර්යාලයේ පැවැත්වුණේ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

Share