දිට්වා නිසා මව හෝ පියා අහිමි වු දරුවන් 75ක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ව්‍යසනය නිසා මව, පියා හෝ එම දෙදෙනාම අහිමිවූ දරුවන් 73 දෙනෙකු පිළිබඳ මේ වන විට වාර්තා වන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා.
මේ අතරින් වැඩිම පිරිස වාර්තා වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 21 ක්.
ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ද 20 දෙනෙකු වාර්තා වී ඇති අතර කෑගල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවලින් ද එවැනි දරුවන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි පැවසෙන්නේ.

Share