දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් විපතට පත් වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත්

දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් විපතට පත් වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන අතර විනාශ වූ මාර්ග ප්‍රතිසංස්කරණය ද මේ වන විට ආරම්භ වී තිබෙනවා.
මේ අතර ප්‍රදේශ රැසක ගංවතුර බැස යාමත් සමග ජනතාව සිය නිවාස සහ කඩසාප්පු පිරිසිදු කර ගැනීමේ කටයුතුවල නිරත වන අයුරු ද දක්නට ලැබුණා.

දශක 7ට පසු දිවයිනට ඇතිවූ විශාලතම ගවතුර බලපෑම සිදුකල දිට්වා සුලිකුනාටුව හේතුවෙන් පුරා දින කිහිපයක් පුරා දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට දැඩි බලපෑම් එල්ල වුනා
සිදුවුනු ආපදා හේතුවෙන් ජන ජීවිතය තවමත් පවතින්නේ අස්තාවර බවකයි
කෙසේ නමුත් ජනතාව සිදුව ඇති ආපදාවන්ගෙන් ක්‍රමයෙන් නැවත යථා තත්වයට පැමිනෙමින් සිටින අයුරු අදත් දක්නට ලැබුනා
හලාවත – පුත්තලම දුම්රිය මාර්ගයේ ඇති බත්තුළුඔය පාලමට ආසන්නයෙන් ස්ථාන කීපයක්ම ජලයෙන් යටවූ අතර මේ හේතුවෙන් දුම්රිය මාර්ගයට හානි සිදු වුනා.

ගංවතුර සහ නායයෑම් වැනි ස්වභාවික විපත් හේතුවෙන් සිය ජීවිත කාලය පුරා උපයාගත් දේපළ අහිමි වූ ජනතාවට නැවත නැගී සිටීම සඳහා සහාය වීමේ අරමුණින් “එන්න, අපි නැගිටිමු” නමින් විශේෂ ප්‍රජා සත්කාරක වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා
‎මහරගම නාවින්න ඉසිපතනාරාම විහාරස්ථානය, එකමුතු නිවැසි සංසදය සහ ‪coolbudget.lk‬ ආයතනය එක්ව සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන, සාම්ප්‍රදායික සහනාධාර බෙදාදීමකින් ඔබ්බට ගොස් විපතට පත් ජනතාවගේ ජීවිත නැවත ගොඩනැගීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මකයි
‎වැඩසටහනේ පලමු අදියර යටතේ දිවයින පුරා ආපදාවට පත් පවුල් 100ක් තෝරාගෙන ඔවුන්ට සහනාදාර ලබා දීමටයි සූදානම් කර ඇත්තේ.

Share