දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු ඉදිරි දෙසතිය තුළ අවසන් කරන බව ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ. ජේ. ධර්මතිලක මහතා පවසනවා.
පශ්චාත් දිට්වා ආපදා සහන වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ අතිරේක ලේකම්වරයා වන්දි ගෙවීමේ දී ප්‍රමාදයන් සිදුව ඇතැයි පිළිගත්තා.
දිට්වා ආපදාව හේතුවෙන් රටට සිදු වූ සමස්ත හානිය ඩොලර් බිලියන 4.1ක් ලෙස තක්සේරු කර ඇතැයි ද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අනාවරණ කෙරුණා.
ශ්‍රි ලංකාව මෑත ඉතිහාසයේ මුහුණදුන් දරුණුතම ස්වභාවික ආපදාව වන්නේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ අවසන් සතියේ මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවයි.
ආපදාවෙන් විපතට පත් වූවන්ට හානි පූර්ණය සඳහා මෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජය වැඩපිළිවෙළක් යෝජනා කළා.
එම වැඩපිළිවෙළේ ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද පැවැත්වුණා.
එහිදී අනාවරණ කළ ආකාරයට ආපදාවෙන් හානි වූ අත්‍යාවශ්‍ය සේවාවන් 99%ක් මේ වන විට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර අවසන්.
පූර්ණ නිවාස හානි, අර්ධ නිවාස හානි යථාවත් කිරීම වෙනුවෙන් වෙන් කර ඇති සමස්ත මුදල රු.බි. 41.6ක්. එසේම ගෘහ උපකරණ ලබාදීම සඳහා ලබා දෙන 50,000ක දීමනාව 81.5% කට ගෙවා අවසන්
ජීවනෝපා දීමනාව ගෙවා ඇත්තේ 17.1% කට පමණයි.
පාසල් දරුවන් වෙනුවෙන් ලබා දෙන රු.15,000 ක දීමනාව මෙතෙක් ලබා දී ඇත්තේ 72.8% කට පමණක් බව ද ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අනාවරණ වුණා.
මරණ වන්දි ලබා දීමේ ප්‍රගතිය 42.2% ක්





