දිට්වා සුළි කුණාටුවෙන් මෙරට කෘෂිකර්මාන්තයට සෘජු බලපෑමක් එල්ල වී තිබෙනවා
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ආපදා තත්ත්වයෙන් මහ කන්නයේ එළවලු වගාවෙන් සියයට 40 කට පමණ හානි සිදුව ඇති බවයි.
වී වගාකළ හෙක්ටයාර එක්ලක්ෂ තිස් දහසක ප්‍රමාණයකටත් මෙම සුළි කුණාටුවෙන් බරපතළ හානි සිදුවී තිබෙනවා.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා සඳහන් කළේ, මෙම ආපදා තත්ත්වයෙන් මහ කන්නයේ එළවලු වගා හෙක්ටයාර 60000කට හානි සිදුව ඇති බව වාර්තා වන බවයි.
ඒ අතර වගා කර ඇති එළවළු හෙක්ටයාර ප්‍රමාණය 15,000ක්.
වී වගා කළ හෙක්ටයාර එක් ලක්ෂ 30,000ක් අයත් කුඹුරු ප්‍රමාණයක් මෙම ස්භාවික ව්‍යසනයට ලක් වීම හේතුවෙන් විනාශ වී තිබෙනවා.
ඊට අමතරව බඩ ඉරිඟු වගාවෙන් 8%ක් හෙවත් බඩ ඉරිඟු වගා බිම් හෙක්ටයාර 6500කටද හානි සිදුව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
තවද අතිරේක බෝග වගාවලින් හෙක්ටයාර 9000 කට හානි සිදුව ඇති අතර එය 35% ක ප්‍රතිශතයක් බව, කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පවසා සිටියේ.





