දිවයිනට බලපෑ දිට්වා සුලි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 18 ලක්ෂකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
අද පෙරවරු 6 වන විට ආපදා හේතුවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 489ක් වන අතර අතුරුදන් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 341ක්.
එමෙන්ම ආපදා හේතුවෙන් බිඳ වැටුණු විදුලි පද්ධතිය මේ වන විට සියයට 85ක් යළි යථාතත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
දිට්වා සුලි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 486ක් දක්වා ඉහළ ගොස් තවදුරටත් අතුරුදන්ව සිටින පුද්ගලයින් ගණණ 341ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවල සදහන් වනවා.
අද දින වන විට වැඩිම පිරිසක් අපදාවට ලක්ව ඇත්තේ පුත්තලම් දිස්ත්‍රික්කයේයි.
එහි පවුල් 92,665කට අයත් පුද්ගලයින් 322,976ක් පීඩාවට පත්ව සිටිනවා.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන 306,585ක්.
මේ අතර මෙම ව්‍යවසනයෙන් වැඩිම ජීවිත සංඛ්‍යවක් අහිමි වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 118ක් සහ අතුරුදන්ව ඇති සංඛ්‍යව 171ක් වනවා.
නුවර එළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක් වාර්තා වී ඇති අතර 73 දෙනෙක් තවදුරටත් අතුරුදන්ව සිටිනවා.
ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයෙන්ද මරණ 83ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ56ක් වාර්තා වී තිබෙනවා.
ආපදා තත්ත්වය හේතුවෙන් විදුලිය අහිමි වූ ලක්ෂ 39ක පාරිභෝගික ජනතාවගෙන් 85%ක පමණ යළි සම්බන්ධතා ලබාදීමට හැකි වූ බව විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නොයෙල් ප්‍රියන්ත මහතා පවසනවා.
විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 39කට විදුලිය සම්බන්ධතා බිඳ වැටී තිබූ බවයි.
එමෙන්ම ආපදා හේතුවෙන් විදුලි ට්‍රාන්ස්පෝමර් 16,771ක් අක්‍රිය වූ අතර, ඉන් 14,549ක් යලි සක්‍රිය කිරීමට හැකි වූ බව ඔහු වැඩිදුරටත් පැවසුවා.





