දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ගංවතුර හේතුවෙන් මහ කන්නය සඳහා වී වගාකර තිබූ කුඹුරු හෙක්ටෙයාර් 108,000ක් විනාශ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා .
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා සඳහන් කළේ විනාශයට පත් වී, බඩ ඉරිඟු සහ අනෙකුත් ක්ෂේත්‍ර භෝග සඳහාත් උඩරට සහ පහතරට එළවළු වගාවන් සඳහාත් කඩිනමින් වන්දි ලබාදීම දැනටමත් ආරම්භ කර ඇති බවයි.





