දිට්වා නිසා උන් හිටි තැන් අහිමි වූවන් පිරිසකට ඉඩම් සහ පොදු පහසුකම් පරිත්‍යාගයට පියෙක් ‌පෙරමුණ ගනී

දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූ පවුල් 47ක පුද්ගලයින් සඳහා ඉඩම් ලබාදීමට ඇඹිලිපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු කටයුතු කර තිබෙනවා. ඒ අසාධ්‍ය රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතය අහිමි වූ සිය 16 හැවිරිදි දියණිය සිහිපත් කරමින්. මෙම ඉඩම් බෙදාදීම සිදුකර ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි ඉඩම් හිමියෙකු වන ඩබ්ලිව්. ඒ. කල්‍යාණසිරි මහතා විසින්.
ඇඹිලිපිටිය නගරයේ සිට කිලෝමීටර් 4ක් දුරින් පිහිටි කච්චිගල ප්‍රදේශයේ කල්‍යාණසිරි මහතා සතු අක්කර හතර හමාරක ඉඩමක් මෙලෙස කට්ටිකර බෙදාදීම සිදුකර තිබෙනවා. 2024 වසරේදී අසාධ්‍ය රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය තම 16 හැවිරිදි දියණිය සිහිකරමින් මෙම ඉඩම් බෙදා දුන් බව කල්‍යානසිරි මහතා පැවසුවා. 2024 වසරේදී අසාධ්‍ය රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය තම 16 හැවිරිදි දියණිය සිහිකරමින් මෙම ඉඩම් බෙදා දුන් බව කල්‍යානසිරි මහතා පැවසුවා.

Share