“දිට්ටා” සුළි කුණාටුවෙන් හානියට පත් උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු යාපනය හා කන්කසන්තුරේ අතර, දුම්රිය ධාවනය අනිද්දා දිනයේ යළි ආරම්භ කිරීමට නියමිතයි.
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ස්ථාන 14ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පසුගිය ජනවාරි මස 18 වැනි දින දුම්රිය මාර්ගය වසා දැමීමට පියවර ගත් අතර, එම ප්‍රතිසංස්කරණය සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 05ක්.
“දිට්ටා” සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජීවිත හා දේපල හානි සිදුවූ අතර, මෙරට මාර්ග පද්ධතියට සිදු වූ හානිය සුළුපටු නැහැ.
පස් කඳු කඩා වැටීම් හා නායයෑම් හේතුවෙන් දුම්රිය මාර්ගයේ ධාවනය කටයුතු බාධා එල්ල වූ අතර, දිට්වා හේතුවෙන් වැඩිම හානි සිදූවුයේ උඩරට දුම්රිය මාර්ගයට හා උතුරු දුම්රිය මාර්ගයටයි.
උතුරු දුම්රිය මාර්ගයේද ස්ථාන 14ක් දිට්වා සුළු කුණාටුව හේතුවෙන් හානි සිදුවූ අතර, තාවකාලික ප්‍රතිසංස්කරණ කටයුතුවලින් අනතුරුව දුම්රිය ධාවනය පසුගිය වසරේ දෙසැම්බර් 14 වැනිදා ආරම්භ කළා.
කෙසේවෙතත් එහි ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මේ වසරේ ජනවාරි 19 වැනි දින උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තා.
දිට්වා සුළි කුණාටුව නිසා උතුරු දුම්රිය මාර්ගයේ හානි වූ ස්ථාන 14 අතරට පාලම් 14ක් සහ කාසි කොටේ අලි උමගේ ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය දිනවල සිදු කෙරුණා.
එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දියානු රජයේ ප්‍රධානයන් ලැබුණු අතර, ඒ සඳහා වැය කළ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 05ක්.
ප්‍රතිසංස්කරණ කටයුතුවලින් අනතුරුව යාපනය හා කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවනය අප්‍රේල් 09 ආරම්භ කිරීමට නියමිත අතර, ඒ අනුව යාපනය නගරාන්තර දුම්රිය, යාපනය තැපැල් දුම්රිය හා යාල් දේවි දුම්රිය දිනපතා ධාවනය කරවීමට නියමිතයි.
ඒ අනුව යාපනය නගරාන්තර දුම්රිය අලුයම 5.15ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිත අතර, එය දහවල් 12.14 කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතයි.
යාපනය රාත්‍රි තැපැල් දුම්රිය පස්වරු 6.55ට මොරටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන අතර, එය කන්කසන්තුරේට ළඟා වන්නේ අලුයම 4.24ටයි.
යාල් දේවී ශිඝ්‍රගාමී දුම්රිය පෙරවරු 6.40ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන අතර, එය කන්කස්තුරේට ළඟා වන්නේ ප ස්වරු 2.33ටයි.





