දික්ඕව්ටට ගෙනා මත්ද්‍රව්‍ය බෝට්ටු

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත දකුනු මුහුදේදී මීට දින කිහිපයකට පෙර නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවක් දික්ඕවිට ධීවර වරාය වෙත අද පෙරවරුවේ රැගෙන එනු ලැබුවා
ඒ අදාල යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනෙකු ද සමගින්.
මෙම ධීවර යාත්‍රාව පරීක්ෂා කිරීමේදී එහි තිබූ උර 298ක අසුරා තිබූ හෙරෝයින් කිලෝග්‍රෑම් 300ක් සොයා ගත්තා.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් කෝටි 620ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍ය තොගයක් රැගත් බහු දින ධීවර යාත්‍රාවක් මෙරට මුහුදු සීමාවේ සැරිසරන බවට ලද විදෙස් බුද්ධි තොරතුරක් මත නාවික හමුදාව විසින් මීට දින කිහිපයකට පෙර ගැඹුරු මුහුදේ ආවේක්ශන මෙහෙයුමක් දියත් කලා.
එහිදී මත්ද්‍රව්‍ය බවට සැක සහිත උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබු දේශිය බහුදින ධීවර යාත්‍රාවක් නිරිත දිග ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව සිය භාරයට ගත්තා.
එම බහුදින ධිවර යාත්‍රාව සමඟ සැකකරුවන් 06 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කලේ
නාවික හමුදා බුද්ධි සහ මෙහෙයුම් අංශ වෙත ලද විදෙස් බුද්ධි තොරතුරක් මත බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික හමුදා අවේක්ෂණ යාත්‍රා පසුගිය දින කිහිපය පුරා දැඩි විමසිල්ලකින් පසුව.
ඒ අනුව සිදු සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි මෙම බහු දින ධීවර යාත්‍රාව මීට දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගනු ලැබුවේ.
ඉන් අනතුරුව අද උදෑසන අදාළ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා

එහිද සිදුකළ පරීක්ෂණවලින් පසුව අදාළ ධීවර යාත්‍රාවේ තිබූ උර 298ක අසුරා තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සොයා ගැනුනා.
මෙම අවස්ථාව නිරික්ෂණය සඳහා නාවික හමුදාපති, වයිස් අද්මිරාල් කංචන බානගොඩ මහතාද එක්ව සිටියා.

අදාළ උරවල තිබි සොයාගත් හෙරොයින් මත්ද්‍රව්‍ය වල දළ වීථි වටිනාකම රුපියල් කෝටි 620ක් පමණ බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් කංචන බානගොඩ මහතා සඳහන් කලේ.
ඒ අනුව මෙි වසරේ පමණක් මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ප්‍රවාහනය කළ බහුදින ධිවර යාත්‍රා 07 ක් නාවික හමුදා භාරයට ගැනුනු අතර එහිදී රුපියල් බිලියන 40කට අධික වටිනාකමකින් යුත් හෙරොයින්, අයිස්, හෑෂ්, කුෂ් වැනි විෂ මත්ද්‍රව්‍ය තොග සොයා ගැනුනු බවයි නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ

මෙම ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 6දෙනා සහ සන්නිවේදන කටයුතු සඳහා භාවිත කළ සන්නිවේදන උපකරණ ද ඉදිරි නිතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන බවයි නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share