ඉන්දියාවේ නව දිල්ලියේදී ඇරඹී 2026 AI impact සමුළුවට සමගාමීව පවත්වන ප්‍රදර්ශනයේදී චීන වාණිජ රොබෝ නිපැයුමක් ඉන්දියාවේ ගැල්ගෝටියාස් විශ්වවිද්‍යාලයේ නිර්මාණයක් ලෙස ඉදිරිපත් කිරීමෙන් දැඩි මතභේදයක් පැනනැගී තිබෙනවා.
නේහා සිං නැමති ගැල්ගෝටියාස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් මතභේදයට තුඩු දුන් රොබෝ බල්ලෙකු වන ‘ඔරියන්’ විශ්වවිද්‍යාලය විසින් කරන ලද රුපියල් කෝටි 350 ක දැවැන්ත ආයෝජනයක කොටසක් බවත්, එය විශ්ව විද්‍යාලය විසින් නිර්මාණය කරන ලද නවීන නිරීක්ෂණ මෙවලමක් ලෙසත් විස්තර කරන වීඩියෝවක් පැතිර යෑමත් සමග ඒ් සම්බන්ධයෙන් විරෝධතා එල්ල වී තිබුණා
එම රොබෝ සුනඛයා චීන සමාගමක් වන යුනිට්‍රී විසින් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන ලද සහ වාණිජමය භාවිතය සඳහා පහසුවෙන් ලබා ගත හැකි උපාංගයක් බවත්, නිෂ්පාදනයේ මිල ආසන්න වශයෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 2.5 ක් බවත්, වීඩියෝවට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු පුරවැසියන්ම සඳහන් කර තිබුණා.
කෙසේ වෙතත් එල්ල වූ මහජන විරෝධයට මැදිහත් වූ ඉන්දීය රජය අදාළ විශ්වවිද්‍යාලයේ ප්‍රදර්ශන කුටිය වසා දැමීමට වහා පියවර ගෙන තිබුණා.





