දැඩි වර්ෂාව හමුවේ ගුවන් යානා ගොඩබැස්සවීමට බාධා

ඊයේ රාත්‍රී කාලයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට බලපෑ අධික වැසි හේතුවෙන් ගොඩබැස්වීමට නියමිතව තිබූ ගුවන් යානා 06 ක් පැය කිහිපයක් ඉහළ අහසේ පියාසර කරමින් සිට ප්‍රමාද වී ගොඩබැස්වීමට සිදුවූ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරිවරයා ටී.වී. සුප්‍රීම් නිව්ස් වෙත පැවසුවා.
ඒ අතරින් පැයකට ආසන්න කාළයක් ඉහළ අහසේ පියාසර කරමින් සිටි චයිනා ඊස්ටන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යැවීමටත් පියවර ගැණුනා.

Share