දසුන් ශානක පාකිස්තාන සුපර් ලීගයෙන් ඉවත්වෙයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පාකිස්තාන සුපර් ලීගයෙන් ඉවත් වී තිබෙනවා.
ඔහු, ආබාධයකට ලක්වූ ක්‍රීඩකයෙකුගේ ආදේශකයෙක් ලෙස ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ඇතුළත් වීමේ සූදානමකින් පසුවන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
ආබාධයට ලක් වූ ක්‍රීඩකයින් වෙනුවට ආදේශක සොයන ipl හිමිකරුවන් කිහිපදෙනෙක් ම දසුන් ශානක සමග සාකච්ඡා කර ඇතැයි සඳහන්.
ඒ අතුරින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමද ගැටළු රැසකට මුහුණ දී සිටින කණ්ඩායම් අතර වන අතර, එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් ආබාධයක් හේතුවෙන් කණ්ඩායමට ඇතුළත් නොවන බව වාර්තා වනවා.
ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ලෙස වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සිය කණ්ඩායමට එක් කරගැනීමට රාජස්ථාන් කණ්ඩායම් සූදනම් වන බවට ද වාර්තා වුණා.
කෙසේ වෙතත් කිසිදු පාර්ශ්වයක් මේ සම්බන්ධයෙන් නිල පැහැදිලි කිරීමක් කර නැහැ.

Share