ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වශයෙන් කටයුතු කිරීමට බාධා කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි එම පැමිණිල්ල තුළින් කෙරුණු ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.





