පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සඳහා කතානායකවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
මේ අතර රාජ්‍ය පරිපාලන, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. විවාදය ආරම්භයේ දී ම සභාව උණුසුම් වූයේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් වීමත් සමගයි.





